ගමේ පන්සලේදී
වෙසක් උත්සවය බෞද්ධයන්ගේ ප්රධානතම උත්සවයයි.එදින බුදුන් වහන්සේගේ උපත,බුද්ධත්වය,පිරිනිවන් පෑම යන කරුණු ස්මරණය කරනු ලැබේ. වෙසක් මස පසලොස්වක දින බොහෝ බෞද්ධ ජනයා මෙම උත්සවය සමරන ලබයි. වෙසක් දිනය බුදුන් වහන්සේගේ ඉපදීම, බුද්ධත්වයට පත් වීම සහ පිරිනිවන් පෑම යන කාරණා තුනම ආවරණය කරයි.
ඉන්දියාවේ මහායාන බෞද්ධ සම්ප්රදායයන් තුල එම දිනය වෙසක් යන්නට සමාන සංස්කෘත වචනයක් වූ වෛශාඛ යනුවෙන් හැඳන්වේ. වෙසක් යන වචනයද පාලි “විශාඛ” (Vishakha) යන වචනයේම සිංහල ස්වරූපයයි. හින්දු චන්ද්ර දින දර්ශනයේ දෙවැනි මාසය හැඳන්වෙන්නේ “වෛශාඛ” යනුවෙනි. වෙසක් යන්න හැඳින්වෙන තවත් නම් රාශියකි. ඒවා විශාඛ පූජා, බුද්ධ පූර්නිම නැතහොත් බුද්ධ ජයන්ති යනුවෙන් ඉන්දියාවේ, බංගලාදේශයේ සහ නේපාලයේ හැඳින්වෙන අතර තායිලන්තයේ විසාඛ බුචා යනුවෙන්ද වියට්නාමයේ ඵට් ඩාන් (Phat Dan) යනුවෙන්ද හැඳින්වේ. ඉන්දුනිසියාවේ වෛශාඛ්, ශ්රී ලංකාවේ සහ මැලෙසියාවේ වෙසක් යනුවෙනි. චීන භාෂාව කථා කරන රටවල ෆො ඩාන් (Fo dan) ටිබෙට් හි “සගා ඩාවා” ද වශයෙනි. මේ හා සමාන උත්සවයක් ලාඕස් හි වික්ශාඛා බුක්ෂා (Vixakha bouxa) නමින් පැවැත්වේ. මියන්මාරයේ එය ක – සොනෙ – ලා – ප්යාඒ (Ka – sone – la – pyae තේරුම කසොනෙ පසළොස්වක යන්නයි) යනුවෙන් නම් කොට ඇත. කසානෙ යනුද මියන්මාර් දින දර්ශනයේ දෙවැනි මාසයයි. ශ්රී ලංකාව, මැලේසියාව, මියැන්මාරය, තායිලන්තය, සිංගප්පුරුව, වියට්නාමය, ඉන්දුනිසියාව, හොං කොං සහ තායිවානය වැනි බොහෝ ආසියානු රටවල් වල වෙසක් දිනය ප්රසිද්ධ නිවාඩු දිනයකි.
- වෙසක් උත්සවය
- වෙසක් උත්සවය
- වෙසක් උත්සවය